අගෝස්තුවේ සිට ශ්‍රී ලංකාව සංචාරකයන්ට විවෘත කෙරේ

අගෝස්තුවේ සිට ශ්‍රී ලංකාව සංචාරකයන්ට විවෘත කෙරේ

අගෝස්තුවේ සිට ශ්‍රී ලංකාව සංචාරකයන්ට විවෘත කෙරේ

බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් විය.
රට යථා තත්වයට පත්වෙමින් තිබීම නිසා අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව යෝජනා කරයි.
අප්‍රේල් මස 30 වැනිදා සිට අද (26) දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බව කමිටු සාමාජිකයෝ පෙන්වා දෙති.
සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාව මම අවධාරණය කළෙමි. කල් ඇතිව සැලසුම් කිරීමෙන් COVID-19 මර්දනයේදී සෙසු රටවල් අභිබවා ඉදිරියෙන් සිටීමේ හැකියාව පවතී. ප්‍රමුඛතා හඳුනා ගෙන සංචාරක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් විමසමින් ඉදිරි පියවර ගත යුතුය.
පළමු අදියර යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා (In house Dining) විවෘත කිරීමට තීරණය කෙරිණ. එහි ප්‍රගතිය අනුව ලියාපදිංචි නොකළ ආයතන සඳහා ද හමුදාවේ සහාය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් ආපනශාලා විවෘත කිරීමට පියවර ගැනේ. සංචාරකයන් බහුල ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙමින් විදේශ භාෂා ප්‍රගුණ කළ විශේෂ පුහුණුවලත් පිරිසකගෙන් සමන්විත සංචාරක පොලීසි පිහිටුවීමට ද මම උපදෙස් දුන්නෙමි.
සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ දී ඔවුන්ගේ රුචිකත්වය අධ්‍යයනය කර ඒ ඒ රුචිකත්වයට ගැලපෙන පරිදි සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් හඳුන්වා දීම උචිත බව මම ප්‍රකාශ කළෙමි.
සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත් මහත්මීහූ සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.
The Task Force Committee entrusted with COVID – 19 control proposed to me to reopen airports for foreign tourists from 1st August as the country is gradually returning to normalcy.
The Committee members pointed out that it is a remarkable achievement that not a single infected person was reported from the community after April 30th to date (26).
The COVID Prevention Task Force Committee was convened under the patronage of me at the Presidential Secretariat today (26) to discuss ways and means to revive the tourism industry which was badly affected by the pandemic.
I highlighted the necessity of following health guidelines issued by international and local health experts in the event of opening the country for tourists. There is a possibility to be at the forefront of tourism revival provided a well-planned strategy is in place. Future steps should be taken under the guidance of tourism and health professionals on a priority basis.
Under the first phase, it was decided to open hotels and restaurants registered under the Tourism Development Authority for in house dining. Based on its progress steps will be taken to gradually open unregistered eateries under the assistance and supervision of the Army and Public Health Officers. I advised relevant officials to set up Tourists Police units comprising those who are fluent in foreign languages giving priority to popular tourist destinations.
In order to attract tourists it is necessary to have a proper understanding of their preferences. Some prefer the beach while some enjoy seeing archaeological sites and wildlife. Some tourists are interested in scenic beauty. Tourist promotion activities should be planned accordingly.
The Minister of Health Pavithra Wanniarachchi, Minister of Tourism and Civil Aviation Prasanna Ranatunga, Secretary to the President P.B. Jayasundera and members of the Presidential Task Force for control of COVID-19 Outbreak attended the meeting.

President's Official Facebook Page


Previous PostInsurance scheme for tourist guides
Next Postසජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද