කඩා දැමු කුරුණෑගල රාජ සභා මණ්ඩපය යළි ගොඩ නැගීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්

කඩා දැමු කුරුණෑගල රාජ සභා මණ්ඩපය යළි ගොඩ නැගීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්

කඩා දැමු කුරුණෑගල රාජ සභා මණ්ඩපය යළි ගොඩ නැගීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස්

දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති, කඩා දැමූ කුරුණෑගල නගරයේ පිහිටි ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කර තිබෙනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක කියාසිටියේ ආරක්‍ෂක අංශවල සහයෝගය ඇතිව ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බවයි.

ඒ සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාද උපදෙස් ලබාදී ඇති බව ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එම කටයුතු සිදුවන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණ වාර්තාව අග්‍රාමාත්‍යවරයාට ලබාදීමෙන් පසුව බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේ. 

ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා විසින් පංච පුද්ගල විද්වත් කමිටුවක් පත් කරනු ලැබුවා.

ඔවුන්ගේ වාර්තාව ඊයේ (21) දිනට පෙර භාරදිය යුතු බවටයි දැනුම් දී තිබුණේ. එහෙත් ආචාර්ය සෙනරත් දිසානායක සදහන් කළේ වාර්තාව ලබාදීම තවත් ප්‍රමාද වනු ඇති බවයි. 

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි 13 වැනි සියවසේ දී ඉදි කළ බව කියන ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනතින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක්. මෙහි කොටසක් කුරුණෑගල මහ නගර සභාව විසින් ඩෝසර් කර තිබුණේ ඉකුත් ජූලි 14 වනදා රාත්‍රියේයි.

Previous Postසමගි ජන බලවේගයේ 99 දෙනාගේ ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය
Next Postපළමු ඡන්ද ප්‍රතිඵලය-තැපැල් ඡන්ද