තැපැල් ඡන්දය අද සිට ඇරඹේ

තැපැල් ඡන්දය අද සිට ඇරඹේ

තැපැල් ඡන්දය අද සිට ඇරඹේ

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (13) ආරම්භ වනවා.

 තැපැල් ඡන්ද අයදුම් කළ ඡන්ද දායකයන්ට අද සිට ලබන 17 වැනිදා දක්වා ඡන්දය භාවිතා කළ හැකී.

ඒ අනුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාල වල කාර්ය මණ්ඩල වලට අද (13) උදෑසන 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක සඳහන් කරන්නේ හෙට සහ අනිද්දා මැතිවරණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව හැර අනෙකුත් රාජ්‍ය ආයතනවල තැපැත් ඡන්ද සලකුණු කිරීම සිදු කරනු ලබන බවයි.

 16 සහ 17 දෙදින තුළ මැතිවරණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව ඡන්දය සලකුණු කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

අදාළ දිනයන්හිදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයන්ට මේ මස 20 සහ 21 යන දිනවලදී තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට තවත් අවස්ථාවක් ලබා දී ඇති බවයි වැඩිදුරටත් ඔහු පෙන්වා දෙන්නේ.

Next Postකන්දකාඩු සමිපතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට : PCR පරීක්ෂණ වැඩි කරන්න - ජනපති උපදෙස් දෙයි