යුනිසෙෆ්හි සහය ඇතිව තිරසර ප්‍රතිපත්ති මාලාවකින් සජිත් සටනට

යුනිසෙෆ්හි සහය ඇතිව තිරසර ප්‍රතිපත්ති මාලාවකින් සජිත් සටනට

සජිත් ප්‍රේමදාස මහතා සහ යුනිසෙෆ් විශේෂ නියෝජිත අතර හමුවක්.

යුනිසෙෆ් සංවිධානයේ ශ්‍ රීලංකා විශේෂ නියෝජිතTim Sutton මහතා අද(22) සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සිදු විය.
මේ අවස්‍ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුසිතා විජේමාන්න මහත්මිය සහ කාවින්ද ජයවර්ධන මහතාද සම්බන්ධ වූහ.
නවීන සහ විද්‍යාත්මක සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මත පිහිටා ශ්‍රීලංකාව ගොඩනැගීමේ සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පය මත මේ සාකච්ඡාව සිදුවිය.
රෝග නිවාරණ ක්ශේත්‍රය, රෝග ප්‍රතිකාරක ක්ශේත්‍රය, ජාතික පෝෂණ ප්‍රතිපත්තිය, ළමා හා මාතෘ සෞඛ්‍ය, රෝහල් පද්ධතිය යනාදී අංශ මුල්කරගෙන දීර්ඝ වශයෙන් කරුණු හුවමාරු වූ අතර ඊට අදාලව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සැකසීමේ පුරෝගාමී මුලපිරීම සදහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද ඇතුලත් තුසිතා විජේමාන්න, කාවින්ද ජයවර්ධන ඇතුලු කමිටුවට පැවරිණි.
ඉවක් බවක් නැතිව ඉදිරිපත් කරන අවිද්‍යාත්මක කරුණුවලින් තොරව විද්‍යානුකූල,දත්ත මත පදනම් වූ තිරසර ප්‍රතිපත්ති මාලාවක්, යුනිසෙෆ් සංවිධානයේද අදහස් මතද පිහිටා සතියක් තුල සැකසීමට සජිත් ප්‍රේමදාස මහතා උපදෙස් ලබා දුන්නේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ නිල ෆේස්බුක් පිටුව

Previous Postනැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්
Next PostIndian PM Narendra Modi discussed about COVID 19 situation with Sri Lankan President Gotabaya Rajapaksa