සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද

සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද

සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් අද (27) සිදුවිය.
මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් කුවේටයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විශාල පිරිසක් අසරණව සිටින අතර ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීම සහ ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා කුවේට් තානාපතිවරයාගේ අවධානය යොමු කරනු ලැබීය.
මේ හමුවෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ආණ්ඩුව නොපමාව කුවේටයේ සිටින අපේ ජනතාව වෙනුවෙන් මැදිහත් වියයුතු බවය.
මේ ව්‍යසනය හේතුවෙන් ඉන්දියාව,තායිවානය,බංගලදේශය වැනි රටවල් කුවේටයේ වෙසෙන තම ශ්‍රමිකයින් සුරක්ෂිත කිරීමට කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ බලධාරීන් අලස සහ මන්දගාමී ලෙස කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා කීය.
එදා මැතිවරණය වෙලාවේ රට විරුවන් සේ හැදින්වූ අපේ විදෙස් ශ්‍රමිකයින් අද ආණ්ඩුව විසින්ම බෝම්බකරුවන් සේ හැදින්වීම තුලින් ගම්‍ය වන්නේ ආණ්ඩුවේ කළගුණ නොදත් අමානුෂික ස්වරූපය බවද ඒ මහතා කීය.
පසුගියදා සීෂෙල්ස් දිවයිනෙන් එරට පුරවැසියන් මෙරටට ගෙන ඒමේදී ඔවුන් බෝම්බකරුවන් නොවූ බවත් අපේ රටට විදෙස් විනිමය ගෙනෙන අහිංසක අපේම පුරවැසියන් ආණ්ඩුවට බෝම්බ කරුවන් වීම විමතියට කරුණක් බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.
ආණ්ඩුව වහාම කුවේට් ඇතුළු මැදපෙරදිග අසරණව සිටින අපේ ජනතාව කෙරෙහි සක්‍රීයව මැදිහත්විය යුතු බවද ඒ මහතා කීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ නිල ෆේස්බුක් පිටුව

Previous Postඅගෝස්තුවේ සිට ශ්‍රී ලංකාව සංචාරකයන්ට විවෘත කෙරේ
Next Postගැමා පිසාකාෆ්ට් ලංකා පුද්ගලික සමාගමින් ජනතාවට නොමිලේ බීජ